ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. පොලිසිය පැවසුවේ මෙම සිදුවීම ඊයේ සවස සිදුවී ඇති බවය.
පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවයි පොලිසිය පැවසුවේය.
මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...