ව්‍යාපාරික පුවත්

ලංකා සතොස ආයතනයේ මාසිකව සිදු වන රුපියල් මිලියන 200ක පාඩුව අවම කිරීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කර ස්ථාවර ඇමැති මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් මගින් පමණක් අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත.

වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන, ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජිතයෝ මෙම ප්‍රසම්පාදන කමිටුවට අයත් වෙති. තවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දුද මෙම කමිටුවට ඇතුළත්ය.

ලංකා සතොස ආයතනයට මෙතෙක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් කර ඇත්තේ සෘජු නිෂ්පාදකයන් සහ සෘජු ආනයනකරුවන් නොවන බවද වෙළෙඳ අමාත්‍යංශය අනාවරණය කරගෙන තිබේ. සෑම ප්‍රසම්පාදනයක්ම අඟහරුවාදා දිනයන්හි සිදු කරන අතර එහිදී රුපියල් මිලියනයේ සිට මිලියන 500 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම් සිදුකරයි. තවද ප්‍රසම්පාදන කටයුතුවලින් පසු සැපයුම්කරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේදී අයකළ මෙහෙයුම් ගාස්තු නතර කරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. 2015 වසරේ සිට මෙහෙයුම් ගාස්තු ලෙස සියයට එකක මුදලක් අය කළ බව ආනයනකරුවෝ සහ සැපයුම්කරුවෝ ප්‍රකාශ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More