Uncategorized

පවතින පොල් හිඟය හේතුවෙන් පොල් හා ආශ්‍රිත කර්මාන්ත ශාලා 500 ක් පමණ වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරයි.

මේ හේතුවෙන් පොල්තෙල් නිෂ්පාදනයද බිඳ වැටී ඇති අතර පොල් තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 50 ක් පමණ වසා දමා ඇති බව කර්මාන්ත අමාත්‍යංශය ඇමැති මණ්ඩලයට කරුණු වාර්තා කර ඇත. තවද නව ආයෝජනවලට අපේක්ෂිත වූ පොල් ආශ්‍රිත කර්මාන්ත 50 ක් පමණද ආරම්භ කිරීම අත්හිටුවා තිබේ.

මෙරට වාර්ෂිකව පොල් ගෙඩි මිලියන තුන්දහසක (3,000) පමණ ඵලදාවක් ලබන අතර, පොල් ගෙඩි මිලියන එක්දහස් අටසියයක් (1,800) පමණ ගෘහස්ථ පරිභෝජනයට ගන්නා බව පොල් සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි. පොල් ගෙඩි මිලියන දෙසීයක් පමණ පොල් තෙල් හා වෙනත් නිෂ්පාදනවලට භාවිත කරයි. ඉතිරි පොල් ගෙඩි මිලියන දහස පොල් ආශ්‍රිත අපනයන කර්මාන්ත සඳහා භාවිත කරන අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන භාණ්ඩ 37 ක් දේශීය වශයෙන් නිපදවති.

මෙරට හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක (503000) භූමි භාගයක පොල් වගා කර තිබේ. පොල් කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කළහෙත් නිෂ්පාදනය සියයට 50 කින් පමණ වැඩි කරගත හැකි බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ ඇමැති මණ්ඩලයට පෙන්වා දී තිබේ. මෙරට පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායමද වැඩිවී ඇත.

එමනිසා පොල් තෙල් නිෂ්පාදනයට දේශීයව පවතින පොල් හිඟය අවම කිරීම සඳහා කොප්පරා, කුරුට්ට සහිත තැඹිලි කරන ලද වියළි පොල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යංශය ඉල්ලා සිටියි. වෙළෙඳ පොළ තුළ පොල් ගෙඩි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා පොල් ගෙඩි තොග වශයෙන් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙසද ඇමැති විමල් වීරවංශ ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබේ.

රජයට අයත් පශු සම්පත් මණ්ඩලය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ කුරුණෑගල වැවිලි සමාගමේ පොල් සතොස මගින් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසද යෝජනා කර ඇත. තවද පෙර පැවැති ආකාරයට පොල් සංවර්ධන අධිකාරිය මගින් නිෂ්පාදන කෝටා ක්‍රමය හඳුන්වා දීමද සුදුසු බව අමාත්‍යංශයේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More