අද දින (23) පෙරවරු 10.30ට රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළය, එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර යැවීමට තීරණය කරන ලදී.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද, වත්මන් පක්ෂ නායකත්වයටම එම මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙසද ඉල්ලීම් සහ යෝජනා ඉදිරිපත් වී තිබුනි.
එමෙන්ම ලබන වසර වන විට පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද අද දින යම් එකඟතාවන්ට එළඹීම ද සිදු වී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...