දේශීය පුවත්

රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඊයේ (22දා) පැවසීය.

රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කොට කොත්මලේ, පූඩළුඔය ඉදිකරන ලද සතිපොළ භූමිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විල්පත්තුවේ නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීති රෙගුලාසිවලට අනුවයි කටයුතු කළේ. උතුරු වසන්තය, නැගෙනහිර වසන්තය වැනි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් හා මගනැ`ගුම, දිවිනැ`ගුම වැනි කටයුතු සිදු කරමින් තමයි ඒවා සංවර්ධන කළේ. රිෂාඞ් බදුර්දීන්ලා පසුගිය වසර පහේ මොනවද කරලා තියෙන්නේ ?

අද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මන්නාරමට යනවා. මිලියන 800ක් වැය කරලා එහි විශාල ගොඩනැ`ගිල්ලක් හදලා තියෙනවා. ඒක මොනවට හැදුවද ඒකෙන් මොනවද කරන්නේ හිතාගෙන හිටියද කියලා ළ`ගදීම මාධ්‍යයට හෙළි වේවී. ඊළ`ගට මිලියන 2000 ක මුදලක් නැවත පදිංචි කරපු අයට උපකාර කරන්න වැය කොට තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් නැවත පදිංචි කිරීමට මොනවද කරලා තිබුණේ ? ඒවාට ඉදිරියේදී උත්තර කියන්න සිදු වේවී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More