මේ වන විට වසරකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවැති පොලිස්පති ධූරය සඳහා නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික‍්‍රමරත්න මහතා අද (23 වැනිදා) පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව සී. ඩී. වික‍්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වීමට නියමිත තිබේ. සී. ඩී. වික‍්‍රමරත්න මහතා ඉදිරි දින කිහිපය ඇතුළත සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසා සිටී.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාව වෙත පොලිස්පතිවරයා ලෙස සී. ඞී. වික‍්‍රමරත්න මහතා පත්කරන ලෙස යෝජනා කර තිබෙන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
අද දින කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව රැස්වීමට නියමිත අතර එහිදී ගනු ලබන තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
සී. ඩී. වික‍්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස් පත් කරනු ලැබූවේ පූජිත් ජයසුන්දර මහතා වැඩ තහනමට ලක් කිරීමෙන් පසුව වන අතර ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වැඩබලන පොලිස්පති ධුරයේ රාජකාරි කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...