දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමත් සමඟ ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇති නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය යළි ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට සහ තාක්‍ෂණ සහ මහජන ආරක්‍ෂක නමින් නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් පිහිටුවීමටත් ඊට අදාළ විෂය පථ වෙන් කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය 18 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලය, ත‍්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, ශ‍්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, ආරක්‍ෂක සේවා අණ මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බළකාය සහ මිලෝදා ආයතනය පවරා ඇත.

තාක්‍ෂණ අමාත්‍යාංශය යටතට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ‍්‍රිත ආයතනය, කාර්මික තාක්‍ෂණ ආයතනය, ශ‍්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක් නොලොජි ප‍්‍රයිවට් ලිමිටඞ්, ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමිෂන් සභාව, සියලූ තොරතුරු තාක්‍ෂණ උද්‍යාන, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවරා තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ශ‍්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව පවරා ඇත.

මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව චමල් රාජපක්‍ෂ මහතා යටතේ පවතින රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය ඉවත් කර ඇත. එය නව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

අලූතින් පිහිටුවනු ලැබූ තාක්‍ෂණ සහ මහජන ආරක්‍ෂක කැබිනට් අමාත්‍යධුර සඳහා ඉදිරි දින කිහිපයෙහි අලූතින් ඇමැතිවරුන් දෙදෙනකු දිවුරුම් දීමට නියමිතය.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගත යුතුය.

එසේම පත්කළ හැක්කේ කැබිනට් ඇමැතිධුර 30 ක් සහ රාජ්‍ය ඇමැතිධුර 40 ක් පමණි.

දැනට නව රජය යටතේ දිවුරුම්දී ඇත්තේ කැබිනට් ඇමැතිවරු 28 දෙනකු පමණි.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් –

2202-25_S



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More