එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී ඊයේ (22 දා) විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. එහිදී එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් කළ යුතු දේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ අතර අවසානයේදී ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට යෝජනා වූ බව වාර්තාවේ.
එහිදී එජාප හිටපු පළාත් සභා මන්ත‍්‍රී සේනාරත්න බණ්ඩාර මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා කර ඇති අතර එජාප මහනුවර දිස්ත‍්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබ ඇත.
මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප‍්‍රිය, සංදීප් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...