ප‍්‍රධාන පුවත්

Covid 19 හේතුවෙන් දරුණු සමාජ, ආර්ථික අර්බුදයන් ලොව පුරා ඇතිවිය හැකි බවට පුටින් අනතුරු අඟවයි.

පසුගිය සෙනසුරාදා (21දින) G 20 සමුලුව වීඩියෝ තාක්ෂණය මඟින් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අනතුරු අඟවා ඇත්තේ Covid 19 වසංගතයේ අනිවාර්ය අතුරු ඵලයක් ලෙස අනාගතයේදී ලොව පුරා ආර්ථිකයන් කඩා වැටීම හේතුවෙන්, ලොව පුරා මිලියන ගනනක් ජනතාවගේ ජීවිත ඉතා අවදානම් තත්වයකට පත්වන බවයි.

යම් සුභදායක පුවත් අසන්නට ලැබුන ද, අනාගතයේදී ඇතිවන විරැකියාව නිසා දිළිඳු බව සහ දරිද්‍රතාවය ඉහල යන අතර ඒ හේතුවෙන් භයානක සමාජ අර්බුදයන් නිර්මාණය වන බවට ඔහු අනතුරු අඟවයි.

ඉදිරියේ දී ගෝලීය ආර්ථිකයේ ඇතිවීමට නියමිත ආර්ථික අවපාතයේ පරිමාව පිළිබද පුරෝකථනය කිරීම අපහසු නමුත් ඉන් ඇතිවන බරපතළ සමාජ, ආර්ථික ගැටලු සම්බන්ධයෙන් කල් තබා දැකිය හැකිය.

G 20 රටවල් එකතුව වෙළඳ පොල බිඳවැටීම් වැලැක්වීමට පිහිටුවන ලද ට්‍රිලියන 12 ක අරමුදළට ඇමරිකාව විසින් දෙන ලද ඉහල දායකත්වය පැසසුමට ලක් කිරීමට ද ඔහු විසින් අමතක නොකරණ ලදී.

එමෙන්ම පසුගිය සිකුරාදා (20) දින ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුලුව අමතමින් ඔහු අනතුරු අඟවා සිටියේ, ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය 4.4%කින් බිඳවැටෙන බවයි. එම කරුනේදී රුසියාව යම් ශක්තිමත් ස්ථානයක සිටිය ද කාර්මික නිෂ්පාදන බිඳවැටීම හරහා දිළිඳු බවට පත්වන පුද්ගලයින් සංඛයාව ඉහල යන බවට ඔහු අනතුරු ඇඟවීය.

බරපතළ ආර්ථික අභියෝග තිබියදී, රුසියාව ද ඇතුලු රටවල්වලට ආර්ථික සම්බාධක පනවා තිබීම කෙරෙහි ද ඔහු අවධානය යොමු කරන ලදී.

ගෙවුනු සතියේ මුලදී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් නියෝජනය කරන BRICS සමුලුව අමතමින් ඔහු පවසා සිටියේ වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳින වඩාත් දුප්පත් රටවල් වලට ණය සහනයන් ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/russia/507431-putin-g20-pandemic-great-depression/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More