අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් “වයඹ ඩිස්ටිලරීස්” ආයතනය විසින් මහාපරිමාණ බදු වංචාවක් සිදු කර ඇතැයි සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ප්‍රකාශ කර සිටී. උන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි වංචා සහ දූෂණ පිළිබඳව හෙළිදරව් කිරීම තම සංවිධානයේ යුතුකමක් සහ වගකීමක් වන බවයි.
රුපියල් හතලිස් කෝටි ගණනක බදු ගෙවීම පැහැර හැරීම නිසා මෙම සමාගමේ බලපත්‍රය 2015 වසරේ දී අහෝසි කර ඇති අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය යටතේ සහනදායී ක්‍රමයකට අනුව එය ගෙවීමට සලසා බළපත්‍රය නැවත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව සුරාබදු කොමසාරිස් බෝදරගම මහතා පවසයි.
මේ අතර, 2020 දෙසැම්බර් 17 දින ඔහු විශ්‍රාම යෑමට නියමිත වුවද ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට ද කටයුතු සූදානම් වෙමින් පවතින බව මැඬිල්ලේ හිමියන් ප්‍රකාශ කර සිටී.
ජොන්ස්ටන් ඇමතිවරයා මහා මාර්ග ඇමති වුවද, මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ සුරා බදු කොමසාරිස් සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා ලිඟින් වාඩිවී සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බව ද උන් වහන්සේ අනාවරණය කරයි.
කැස්බෑව ප්‍රදේශයේ මහින්ද අමරවීරගේ සහෝදරයෙකු විසින් අලුතින් විවෘත කළ තැබෑරුමකට අනුමැතිය දෙන ලෙස, කැස්බෑව ප්‍රාදේශීය ලේකම්ට බළපෑම් කර ඇත්තේ චමල් රාජපක්ෂ විසින් බව ද උන් වහන්සේ අනාවරණය කළේය.
තවද, උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටින්නේ කොවිඩ් 19 වසංගතයෙන් කන්න නැතිව පීඩා විඳිමින් සිටින ජනතාවට අරක්කු පෙවීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ “මතට තිත” තැබීමට ද? යන්නයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...