දේශීය පුවත්

අධිකරණය මගින් මහවිරු සැමරීම වලක්වා ඇති අවස්ථාවක පුදුම සහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24ක් යාමට මත්තෙන් 1954 වසරේ ඉපදුන 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නැමැත්තාගේ නිවසට ගොස් මහා විරු සැමරීම සිදුකර එහි ඡායාරුප තමාගේ facebook පිටුවට එක් කිරීමට දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් කටයුතු කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අධිකරණ නියෝගය කදකරපු සුමන්තිරන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි “දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි” යැයි පැවසීය.

නීතිඥවරයෙක් ලෙස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේදී රට බෙදුම්වාදයකට ත්‍රස්තවාදයකට තුඩු දෙන ක්‍රියාකාරකමක නොදෙන බවත් එවැනි ක්‍රියාවකට අනුබල නොදෙන බවටත් දිවුරුමක් ලබා දෙන බව පැවසූ ඒ හිමියෝ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම නීතිඥවරයෙක් ලෙස සපයන ආදර්ශය මෙයනම් අර හැගීම් බර වෙච්ච, කැලෑවල ජීවත් වුනු දමිල තරුණයෝ අවි අතදැරීමට සිත් පෙළඹවීමක් සිද්ධ වන්නට ඉඩ නැද්ද? ඒ නිසා වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” යැයි සඳහන් කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ…

“විශේෂයෙන්ම සහෝදර දෙමල හිංදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ලා අටවන මර උගුල්වලට හසු වෙන්න එපා කිලයා. මොකද මේ කාලකන්නි යුද්ධය නිසා දෙමල සමාජය කඩාගෙන වැටුනා. අපි ඔවුන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගනිම්න් ඉන්න අවස්ථාවක සුමන්තිරන් වැනි අවස්ථාවාදී දේශපාලකයන් නිසා තවමත් අවි අත දැරීමට බලාපොරොත්තුවෙන් සිටින අඳුරු සෙවනැලිවලට උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා වහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මතක් කරන්න අවශ්‍යයි.”

– මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More