කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනට ගිණිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කාලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධන විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි පැය 48ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින දිවයිනේ ඊශානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟාවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, උතුරුසහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකිය.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බැවින්මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වියහැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බව දැනුම් දෙනු ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...