කලා පුවත්

බටලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුණා
අනුරාවියේ හද නලවනා
ඒ ගී හඬේ ඔහු සැඟවුණා……… මනමාලියේ

ඉතා රමණීය වූ හඬකින් ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ හරුන් කුමාර් ලන්ත්‍රා නම් වූ නිහතමානී ගායකයා 2015 වසරේ බක්‌මහේ 21 වැනිදා සැඳෑවේ අප අතරින් සදහටම සමුගත්තේය. ඔහුගේ මියුරු හඬ අද සදමටම නිහඬ විය. එහෙත් ගී හඬ තවත් කාලයක්‌ පුරා අප සවන්පත් රසයෙන් පුරවනු ඇත.

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී…..
මල් සුවඳකි අරගෙන එන්නේ……
එගොඩ ගොඩේ ඇති සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ….

දශක හයක්‌ තුළ ඉතාමත් හැඟුම්බර ගීත රැසක්‌ ගයා අප හදවත් තුළ කඳුළක්‌ ඉතිරි කරමින් ඔහු නික්‌ම ගියේ, තවත් සුන්දර ගායකයකුගේ ප්‍රතිරූපය රසික සිත් සතන් හි ශේෂ කරමින්ය.

මැව්වාද කවුරු ප්‍රේමේ – මේ හීන දීන ලෝකේ
ප්‍රේමේ සිතේ සිඳීලා – ඇයි මේ දුකක්‌ මැවීලා

හරුන් කුමාර් ලන්ත්‍රා වචනයේ පරිසමාප්ත අරුතින්ම ලයාන්විත හඬකින් ගී ගැයූ ගායකයෙක්‌ විය. සිය ගායන කුසලතාවෙන් කිසි විටෙක හිස උදුම්මා ගත් කෙනෙකු නොවූ ඔහු මියුරු ගී රැසක්‌ ගායනා කළත්, අධි තක්‌සේරුවක්‌ ඇති කර ගත්තේ නැත.

හරුන් මරදාන සහිරා විද්‍යාලයෙන් බහ තෝරා, දෙමටගොඩ ශාන්ත ජෝන් හා ලෝරන්ස්‌ විදුහලෙන් සිය ඉගෙනුම නිම කළේය. ඔහුගේ ජීවිතය ඉගෙනුමට වඩා ගීතයට යොමු විය. හරුන් උපතින් මැලේ ජාතිකයෙකි. එනමුත් ගී ගැයීමේදී සිංහල වචන උච්චාරණයේදී ඔහුටම ආවේණික වූ කටහඬක්‌ තිබිණි. හින්දි ගීත ගැයීමට ඔහු හුරු වූයේය. ගීත ක්‍ෂේත්‍රයේ අයෝමය ඉන්දීය ගායකයකු වූ මොහොමඩ් රාµsගේ ගී ගයමින් කාලය ගත කළ ඔහු සිය පිsයාගේ මඟ පෙන්වීමේදී එස්‌. ඩී. එස්‌. ගුණසේකර ගුරු සෙවණේ සංගීතය හැදැරීය. වසර දෙකක්‌ පමණ ශාස්‌ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ හරුන් තබ්ලා වාදනය රජයේ කලායතනයෙන් හැදැරීය.

කුඩා වියේ සිටම ගායනයට හපන්කම් දැක්‌වමින් ගායකයකු වීමට පෙරුම් පිරූ හරුන් සිය ආශාව මුදුන්පත් කර ගත්තේ 1950 වසරේදීය. ‘ලොවේ සැමදා තන්හා’ නම් වූ එම ගීතය එවකට ග්‍රැමෙµdaන් තැටියකට නැගුණි. ඊට වසර 04 ක්‌ ඇවෑමෙන් එනම් 1954 දී කටහඬ වර්ග කිරීමේ පරීක්‍ෂණයක්‌ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූ ඔහු එතැන් සිට සරල ගී ගායකයකු ලෙසට මෙන්ම චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් ද කැපී පෙනෙන මෙහෙයක්‌ ඉටු කළේය. හරුන් මුලින්ම චිත්‍රපටවලට යොමුව ඇත්තේ ‘දේව සුන්දරී’ චිත්‍රපටයෙනි. එසේ වුවද මුලින්ම රිදී තිරයට එක වූ ඔහුගේ ගායන ඇතුළත් වූ 1953 දී තිරගත වූ ප්‍රේමතරගය චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට එක්‌විය. මෙම චිත්‍රපටයෙන් ධර්මදාස වල්පොලත්, හරුන් ලන්ත්‍රාත් සිනමාවට එක්‌වූහ.

1997 ජාතික චිත්‍රපට සංස්‌ථාවෙන් පිරිනැමුණු ජනාධිපති පුරෝගාමී සම්මානයටද, පාත්‍ර වූ හරුන් ලන්ත්‍රා 1991 මුස්‌ලිම් සංස්‌කෘතික අමාත්‍යාංශයේ සම්මානය, සිංහල සිනමාවට දෙන ලද දායකත්වය උදෙසා සරසවි සම්මානය සිංහල චිත්‍රපට සංගීතයේ ප්‍රවර්ධනය උදෙසා තම ප්‍රතිභාව මුසු කිරීම අගයමින් පිරිනැමුණු උපහාර සම්මානය හා සංස්‌කෘතික අමාත්‍යාංශය මගින් කලාභූෂණ සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලැබුවේය.

ලන්ත්‍රාගේ ජීවිතයේ අවසන් භාගයට ආසන්න වෙත්ම ඔහුට උපහාර දැක්‌විණි. එමෙන්ම ආධාර උපකාර ද ලැබුණි. හරුන්ගේ හඬ අපගේ දිවිය පුරාම ඉතාම සම්බන්ධ වූ අමරණීය හඬකි. එවන් හඬක්‌ නැවත අපට නො ඇසෙනු ඇත. ඔබට නිවන් සුව පතමු.

ඒ. වී. කරුණාදාස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More