ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
මීට පෙර එම මැතිවරණය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සැලැසුම් කර තිබීමද, කොරෝනා වසන්ගතය යම් දුරකට පාලනය කර එම මැතිවරණය පැවැත්වීම කෙරහි අවධානය යොමු කර ඇත.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පැවැත්වීමට තිබූ පළාත් සභා මැතිවරණය සීමා නිර්ණයේ ඇති වූ ගැටලු හේතුවෙන් කල් ගියේය. ඇතැම් පළාත් සභාවල කාලය ඉක්මවා ගොස් දැනට වසර දෙක-හතර පසුවී ඇත.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරැණි ක්‍රමයටද, කොට්ඨාස ක්‍රමයටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැත.
පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව වාර්තාවේ.
එහි දී නව පළාත් සභා මැතිවරණය ක්‍රමය ආරම්භ වන වර්ෂය දීර්ඝ කිරීමෙන් පැරැණි ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බව නීති උපදේශකයන් ආණ්ඩුවට පෙන්වා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...