කොවිඩ්19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හුදෙකලා කර තිබූ පොලිස් වසම් හතරක් නොවැම්බර් 22 වන සඳුදා පෙරවරු 05.00 සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව බොරැල්ල,වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බල ප්‍රදේශ වලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇත.
කෙසේ වුවද එම නිවේදනයට අනුව,නමුත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරීන් වසම හා කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග‍්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිළධාරී වසම් සහ කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති සෙසු පොලිස් බල ප්‍රදේශ 13ක හුදෙකලා කිරීම එසේම පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...