දේශීය පුවත්

“පළා බබාලා” යළි උපදී?

November 22, 2020 7:41 am | Lanka Lead News

දේශපාලන “බළය” සඳහා වන අරගලය කුමක් වුවද, පසුගිය රජය සමයේ “ස්වාභාවික මරණයකට” පත්වූ පළාත් සභා (ඒ සමයේ එය එසේ වූයේ අනුර කුමාර කණ්ඩායම ඇතුලු එ.ජා.ප.ය එවකට පැවති වාතාවරණය යටතේ මැතිවරණයකට යෑමට තිබූ බිය නිසාය. එසේ නැතිව ඔවුන් රට ගැන ඇති අවංක කැක්කුමක් නිසා එසේ නොකළ බව කාටත් මතකය.) නැවත පණගැන්වීමක් කිසිසේත්ම නොකළ යුතු බවට වන “බළවත් සමාජ කතිකාවතක්” ඇති වී තිබීම ද අවධානයට යොමු විය යුතු කරුණක් බව විද්වතුන් රාශියකගේ අදහසයි.

1987 දී ඉන්දියාව විසින් බළහත්කාරයෙන් අප රට මත පැටවීමෙන් අනතුරුව; 13වන ව්‍යවස්ථා සංශෝදනය මගින් ඇති කළ “පළාත් සභා” හරහා රටේ විශාල පරිපාළනමය ගැටලු ඇති වී තිබීම මෙන්ම මෙයින් රටට සිදු වී ඇති ආර්ථික බර පැන සහ ආර්ථික හානිය ගණනය කළ නොහැකි තරම් අති විශාල බවට මේ පිළිබඳව ප්‍රමාණික දැනුමක් සහ අත්දැකීම් ඇති බොහෝ විද්වතුන් විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත.

පළාත් සභා ක්‍රමය හරහා රටේ සෑම අංශයක්ම වඩ වඩාත් දේශපාලනීකරණය වීම සහ වංචා, දූෂණ ඉහ වහා යෑම යන කරුණු පසුගිය අවුරුදු 33ක කාළයක් තිස්සේ රට අත්විඳ ඇති බව කරුණු සහිතව ඔවුන් විසින් කාළයක් තිස්සේ පෙන්වා දෙමින් සිටී.

කෙටියෙන්ම කියන්නේ නම් “පළාත් සභා” යනු විශාල මෙන්ම විනාශකාරී “සුදු අලියෙක්” පමණක්ම වන බව ඔවුන් නිරන්තරයෙන්ම පෙන්වා දෙමින් සිටී.

කෙසේ වුවද; සීමා නිර්ණයේ ඇති වූ ගැටලු හේතුවෙන් කල් ගිය, පළාත් සභා මැතිවරණය ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පැවැත් වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. ඇතැම් පළාත් සභාවල කාලය ඉක්මවා ගොස් දැනට වසර දෙකක් ද, ඇතැම් පළාත් සභාවල වසර හතරක් ද වෙයි.

පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරැණි කමයටද, කොට්ඨාස ක්‍රමයටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් එළඹී නැති අතර පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව වාර්තාවේ.

එහි දී නව පළාත් සභා මැතිවරණය ක්‍රමය ආරම්භ වන වර්ෂය දීර්ඝ කිරීමෙන් පැරැණි ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බව නීති උපදේශකයන් ආණ්ඩුවට පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More