රජරට, මැද පළාත හා දකුණු පළාතේ මන්ත්‍රිවරු තිදෙනා ගජ යාළුවෝය. එකම පාර්ශ්වයේය. රාජකාරියට අගනුවර පදිංචිව සිටින්නේ එකම නිවාස සංකීර්ණයකය. අසැබි චිත්‍රපට නැරැඹීමටත් කැමැතියි. ලස්සන නිළියන් ගැන කතා බහටත් රුචිය. දඟකාර හැඩකාර කටකාර තරුණ නිළියක් ගැන ඔවුහු වැඩියෙන් කතා කරති. ඇගේ ආදර සංග්‍රහ විඳගන්නට ඇත්නම් කීයක් ගියත් කමක් නැතැයි කියති.
රජරට මන්ත්‍රි කෙසේ හෝ එක් නිළියක ගෙන්වා ගැනීමට මඟපාදා ගත්තේ එවැනි වැඩවලට පළපුරුදු කෙනකු මඟිනි. අනෙක් දෙදෙනාත් වැඩේට සම්මාදම් කරගත්තේය. වියදම තිදෙනා බෙදා හදාගන්නටද එකඟ විය.
රඟපාන්නට යන චිත්‍රපය ගැන නිවාස සංකීර්ණයේ කාට හෝ ඉව වැටී තිබිණි. රජරට මන්ත්‍රිගේ ගමේ ගෙදර දුරකතනයට ලැබුණු නිර්නාමික පණිවුඩය ලබාගත්තේ ඔහුගේ ගැමි බිරියයි, මැඩම් කොළඹ ගෙදරට හෙට උදේ නිළියක් එනවා. මහත්තයා එක්ක චිත්‍රපටයක් රඟපාන්න. ආවාම අපි කියන්නම්. ඇවිල්ලා අල්ලා ගන්න.’ සැමියාගේ හැටි දන්නා බිරිය වහාම කොළඹට පැමිණ ඥාතිවරියගේ නිවෙසේ නතර වූවාය.
පසුදාට පහන් විය. උදේ නවය දහය වන විට නිළිය කතා කරගෙන තිබූ අයුරින්ම නියමිත නිවෙසට ආවාය. තිදෙනාම අෑගෙන් ‘ඇපොයින්ට්මන්ට්’ ලබාගෙන තිබිණි. මුල්ම හමුවීම රජරටටය.
රජරට මන්ත්‍රි බිරිය ඥාතිවරියගේ නිවෙසේ සූදානමින් සිටියේ කොයිවෙලාවේ දුරකතන ඇමැතුමක් ලැබේ දැයි සිතමිනි. පණිවුඩය ලැබිණි. ඇය රියැදුරු සමඟ වාහනයේ නැඟී සැමියා පදිංචි ස්ථානය කරා ආවාය. ෙදාර වසා තිබිණි.
ඒ වන විට පළමු දර්ශනය නිම කළ නිළිය ඇඟ පත ෙදාවා ගන්නට නාන කාමරයට ගොස් සිටියාය. සිගරැට්ටුවක් දල්වා ගත් රජරට මන්ත්‍රි සැමියා දිගා වී ගෙවී ගිය මොහොත රස විඳිමින් සිටියේය.
ෙදාරට තට්ටු කරන හ¾ඩින් නැඟී සිටි ඔහු මිතුරන් දෙදෙනා අපේක්ෂාවෙන් ෙදාර ඇරියේය. එහෙත් මාරාවේශයෙන් ගෙට පැන්නේ ඔහුගේ බිරියය. ඇය මරහඬ තළමින් නිදන කාමරයට දිව ගියාය. නුපුරුදු කාන්තා ඇඳුමක් ඇඳුම් රාක්කයේ දක්නට තිබිණි.
‘කොළඹට වෙලා තමුසේ නටන නාඩගම අද අහුවුණා. මං ඒකි අල්ලාගන්නම්. ඇරපිය නාන කාමරේ ෙදාර. වර එළියට…’ කියමින් ඇය නාන කාමරයේ ෙදාර ඇර ඒ තුළ සිටි නිළියගේ කෙස්වැටියෙන් අල්ලා පිටතට ගත්තාය.
ඇය බේරා ගන්නට රජරට මන්ත්‍රිවරයා ඉදිරිපත් වුණත් පලක් නොවීය. දෙදෙනාටම බිරියගේ ගුටි බැට ප්‍රහාරයෙන් බේරුමක් නොවීය. ලද ඇසිල්ලෙන් දුරකතන අතට ගෙන යාබද කාමරයට පැනගත් ඔහු සිදු වූ සංගදිය මිතුරු මන්ත්‍රින් දෙදෙනාට දැනුම් දුන්නේ වෙව්ලමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...