දේශීය පුවත්

දෙවැනි දිනටත් වැලිකඩ බන්ධනාගාරයේ සිට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන කොමිසමට ඉකයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ( 21 ) සාක්ෂි ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්   මහතා ප්‍රකාශ කර සිටියේ විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි.

එහිදී කොමිසම ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

“උතුරු පළාතේ සිංහල ජනගහනය 2% යි, මුස්ලිම් ජනගහනයා 5% යි. යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ලක්ෂයක් පමණ මුස්ලීම් ජනතාව තම ගම්බිම්වලින් එළවා දැම්මා. 2009 වර්ෂයේ දී එවකට අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම් පටන් ගත්තේ. මම එවකට විෂයභාර අමාත්‍යවරයා නොවුනත් එම වැඩපිළිවෙළට සහාය දුන්නා. මොනරාගල, හම්බන්තොට ආශ්‍රීතව ජිවත්වු සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝගස්වැව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. ඒ ප්‍රදේශවලත් අවුරුදු 100 කට වඩා පැරණි විශාල ගස් තිබුණා. නැවත පදිංචි කිරීම්වලදී ඒ ගසුත් කැපුණා. නමුත් කවුරුත් ඒවාට විරුද්ධ පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු – කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම එහි ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා,” යැයි මන්ත්‍රිවරයා කොමිසමට පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු, කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More