දේශීය පුවත්

ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇති අතර, කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන පුරෝගාමියෙක් ලෙස ලෝප්‍රකට වී තිබේ.

එම එන්නත සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන ” The Lancet” හි පළකර තිබු වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි ගේ නමය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ, ක්‍රයිස්ට් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඇය බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් උපාධි ලබාගෙන ඇත.

ඇය දැනට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනු ලබන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ NHS පදනම් භාරයේ සේවය කරයි. ඒ අනුව ඇය මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරිය ලෙස ද සේවය කරයි.

ඇය ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධාන විමර්ශකවරියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සම්මානලාභී ජේෂ්ඨ සායනික කථිකාචාර්යවරියක් ද වේ.

වෛද්‍ය මහේෂි එන්. රාමසාමි ගේ දෙමව්පියන්ද කීර්තිමත් විද්‍යාඥයින් වේ. ඇගේ මව මහාචාර්ය සමරනායක රාමසාමි වන අතර පියා විද්‍යාඥයෙකු වන රංජන් රාමසාමිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More