දේශීය පුවත්

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ් ටයර් කෝපරේෂන්’ කර්මාන්තශාලා පරිශ්‍රය අද (20) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පළමු අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකර ඇති මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ පළමු නිෂ්පාදන අදියර ලෙස මෝටර් සයිකල් ස්කූටර් සහ ත්‍රී රෝද රථ ටයර්, ට්‍රක් හා බස් රථ ටයර් සහ Industrial Tyres නිෂ්පාදනය කිරීමට නියමිතය. SUV වර්ගයේ වාහන ටයර් සදහා දේශීයව සහ විදේශීය ඉල්ලීම සැළකිල්ලට ගනිමින් වැඩි වශයෙන් ඒ වෙනුවෙන් අවධානය යොමුකිරීමට නියමිතවේ.

යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.

දෙවන අදියර සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. ලබන වසරේ ආයෝජකයන් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ටයර් නිෂ්පාදනය ඇරඹීමට සුදානමින් සිටියි.මෙම නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය සදහා වේ. Industrial Tyres නිෂ්පාදනය කිරීම සදහා මෙට්‍රික්ටොන් 15,000 කින් යුත් වෙනම නිෂ්පාදන අංගනයක්ද රිජිඩ් ටයර් සමාගම සතු වෙයි.

මෙම කර්මාන්තශාලාව අවට තරුණ තරුණියන් නිර්මාණය වන රැකියා අවස්ථා මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ යුරෝපීය තාක්ෂණික දැනුම මෙන පුහුණුවද තමන්ගේ රට තුලදීම ලබා ගැනීමට අවස්තාව මේ හරහා නිර්මාණය වී තිබේ. එමෙන්ම කර්මාන්තශාලාව අවට සිටින තත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදකයන් සදහා හොද මිලක් නිර්මාණය වීමත් එමගින් රබර් වැවිලි කරුවන් තවත් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට හැකියාව ලැබීමත් මෙම කර්මාන්තශාලාවේ වැදගත්කම් වේ. අදියර දෙකෙහිම නිෂ්පාදන ලබන වසරේ සිට විදෙස් වෙළදපොලට අපනයනය කිරීම මගින් රටේ අපනයන ආදායමද ඉහල යෑම සිදුවෙනු ඇත.

යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More