දේශීය පුවත්

මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 19,280 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී නව ආසාධිතයින් 439 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඔවුන්ගෙන් 435 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි.

ඒ අනුව එම පොකුරේ සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 15,765 දක්වා ඉහළ යනවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු සහ නාවිකයන් දෙදෙනෙකු ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 5935 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 13,271 ක්.

එසේම මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 462 ක්.

මේ අතර ඊයේ දිනයේ දීත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 74ක් දක්වා ඉහළ ගියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More