ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට දේශපාලනය මැදිහත්වීමෙන් එය විනාශයට පත්වෙමින් තිබෙන බව ලොව වැඩිම ටෙස්‌ට් සහ එක්‌දින කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය අතරතුරදී එරට මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබේ.
‘දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කරන්න ගත්තහම තමයි මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නෙ. ඒ නිසා ලංකාවේ ක්‍රිකට් අවුල් ජාලාවක් වෙලා. ක්‍රිකට් ගැන පොඩි දැනුමක් සහ දැනුමක් නැති අය දවසින් දවස එය විනාශ කර දානවා. ක්‍රිකට් රඳා පවතින්නේ විශ්වාසය උඩ. ක්‍රීඩකයන්ට දක්‍ෂතා දක්‌වන්න ඒ විශ්වාස ගොඩනැඟිය යුතුයි’ යෑයි මුරලි පවසා තිබේ.
තමා එක්‌දිනකින් හොඳ පන්දු යවන්නෙක් නොවූ බවත් වසර හතරක් පහක් තමාට හිටපු නායක අර්ජුන රණතුංග විශ්වාසය ලබාදුන් බවත් මුරලි එහිදී සිහිපත් කර තිබේ. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස් බවද මුරලි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ක්‍රීඩකයන් 60 ක් පමණ අත්හදා බලන බවත් මෙයින් ක්‍රිකට් විනාශ වන බවත් මුරලි පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...