දේශීය පුවත්

අභියාචනාධිකරණ නියෝගය පරිදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විල්පත්තුව අවට රක්ෂිත වනාන්තරවල කරන ලද වන විනාශය වෙනුවෙන් නැවත වන වගා කිරීම සඳහා තම පෞද්ගලික ධනයෙන් අවමවශයෙන් රුපියල් කෝටි 250ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි විල්පත්තු වන විනාශය පිළිබඳ නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා දේශයට පැවසුවේය.

රිෂාඩ් බදියුදීන් වගඋත්තරකරුවකු වූ නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. වියළි කලාපයට අයත් විල්පත්තුව ආශ්‍රිත කල්ලාරු කලාපයට අයත් රක්ෂිත වනාන්තරයේ අක්කර 2500ක් පමණ පසුගිය කාලයේ නැවත පදිංචි කිරීම සඳහා විනාශ කරනු ලැබිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කුමක් ප්‍රකාශ කළ ද වියළි කලාපයේ වනාන්තර අක්කරයක් වැවීම සඳහා රුපියල් ලක්ෂ 10කට අධිකව වැයවනු ඇති බව තමන්ගේ ගණන් බැලීම යැයි ද ඔහු පැවසීය. මේ නිසා සිදු වූ පාරිසරික විනාශයේ වටිනාකම ද එක් කළහොත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය එම වටිනාකම මෙන් දස ගුණයක්වත් විය හැකි බවද ඔහු කීවේය.

පරිසරවේදීන් පවසන්නේ වියළි කලාපයේ වන රෝපණය කිරීමේ දී අවම වශයෙන් අක්කරයකට ගස් 800ක්වත් සිටුවිය යුතු බවත් එසේ රෝපණය කරන ගස් අවුරුදු හතක් දක්වාවත් රුකබලා ගත යුතු බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More