දියවන්නා පොකුණට බස් රථයක් පෙරළී තිබෙනවා.
පාර්ලිමේන්තු සේවකයන් රැගත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස පෙරළි ගොස් ඇති බව වාර්තා වනවා.
පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී තිබෙනවා.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුල පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්දිය ඇසින් දුටු පාර්ලිමේන්තු සේවකයකු පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න” ටී” වංගුවේදී අනතුර සිදුවූ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණය තුල දියවන්නාවට සම්බන්ධ තටාක ඇති අතර බස් රථය එය තුලට පෙරලියන අයුරු ඔහු දැක තිබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...