පොල් නිෂ්පාදන අපනයනය කරන සමාගම් කිහිපයක් සමග එක්ව දේශීය පොල් වගාවට සහ කර්මාන්තයට වින කටින බවට චෝදනාවට ලක්ව සිටින සැකසුම් ගැන විශේෂඥයෙකු යැයි කියන උසස් නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් රට තුළට අමු පොල් මද ගෙන ඒමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.
රට තුළට පොල්ගෙඩි ගෙනඒ්ම සදහා නීතියෙන් ඉඩක් නොමැති නිසා මෙම පොල්මද බවට පත් කොට රට තුළට ගෙනඒ්මට ඉඩ ලබාදී ඇත. ඒ් මගින් දැනට ඉහළ මට්ටමක පවතින පොල්මිල අඩු කළ හැකි බවට එම නිලධාරීන් තර්ක කරන බවද වාර්තා වේ. නමුත් වියළි පොල් කැබලි සහ කොප්පරා ආනයනය කිරීම පොල්තෙල් ආනයනයට වඩා යහපත් වුවත් මෙම නිලධාරීන් කොප්පරා ආනයනයට විරුද්ධ වන අතර පොල්තෙල් ආනයනය සදහා බදු සහන දීමට නිර්දේශ කරන බවද වාර්තා වේ.
පොල් වගාකරුවන් සහ දේශීය පොල් කර්මාන්තකරුවන් මේ පිළිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ මෙම ආර්ථික ඝාතක නිලධාරීන් සහ ජාවාරම්කරුවන් අතර පවතින සම්බන්ධය බිදීමෙන් තොරව පොල් වගාව හෝ පොල්කර්මාන්තය දියුණු කළ නොහැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...