කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අධානි සමාගමට ලබා දී එම ජැමිය හැදීම සඳහා ආණ්ඩුව වැය කළ මුදල සහ අවුරුදු 35 ක කාලයකට බිම් කුලිය එකවර ලබාදෙන වරාය අධිකාරියේ ණය ගෙවීමට යෝජනා කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කොට ඇත.
එම මුදලින් කොටසක් නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ කොටස් මුදලක් ලෙස ආයෝජනය කළ බව සඳහන් කොට ඇත.
එහෙත් 49% ක කොටස් සහ කළමණාකරණ අයිතිය සඳහා අධානි යොදවන මුදල කොපමණද යන්න සඳහන් නොවේ.
ඒ සඳහා අධානි ණය මුදලක් ගන්නේ නම් එයින් කොටසක් ආපසු ගෙවීමේ වගකීම (51%) ශ්‍රී ලංකාවට පැවරේ.
මෙම ගිවිසුමේ කාලය කොපමණද කියා සඳහන් නොවේ. එසේ නම් එය විකිණීමක් නොවේ නම් වෙනත් කුමක්දැයි වරාය සේවකයෝ ප්‍රශ්ණ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...