අද දින විපක්ෂනායකවරයා කෝව්ඩ් එන්නත් මිලදී ගැනීම පිළිබඳව රජයට චෝදනා කරමින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
ඊට හේතුව ඊට පෙර ශ්‍රී ලංකාවේ ජනතාව කෝවිඩ් එන්නත පරික්ෂාකරන පරීක්ෂණාගාර මීයන් බවට පත් නොකරන ලෙස එම සංවිධාන විසින් ඉල්ලා තිබීමය. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස,
” අපි සජිත් ප්‍රේමදාස මහතාට කියනවා කවුරු හරි ලියලා දීපු කොළයක් දිහා බලාගෙන නොදන්න මගුල් කියන්න එපා කියලා. ඇමෙරිකාවේ අයිසර් සමාගමේ දේශීය නියෝජිත වගේ ඔහු කියනදේවල් වැරදියි.
එම සමාගමේ එන්නත තවම තිනෙබන්නේ සායනික පරීක්ෂණ 3 වන අවධියේ. තවම ඇමෙරිකාවේ FDA අනුමැතිය ලැබිලා නැහැ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට ඉදිරිපත් කරලා නැහැ. එහෙම එන්නත් ටිකක් ගෙනත් ගහල හරියන්නේ නැහැ.
නිසි ප්‍රතිඵල ලබාගන්න නම් 80% ක් එන්නත් කරන්න ඕනි. මහාචාර්ය තිස්ස විතාරණ මහතාගෙන් පොඩි ටියුෂන් පාඩමක් ගන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා.
රුසියාවේ ස්ප්‍රයිට්නික් කියන එන්නත විතරයි තවම WHO අනුමැතියට යවලා තියෙන්නේ. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...