දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වාදෙන්නේ දැනට වැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් දත්ත එක්රැස් කිරීම් කටයුතු නිසි පරිදි සිදු නොකළහොත් එය ඉදිරියේදී සමස්ත දිවයිනටම ගැටළු සහගත තත්ත්වයක් මතු කරවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා,

“කොළඹ දිස්ත්‍රික්කය තමයි මේ රෝග ව්‍යාප්තියේ කේන්ද්‍රය වෙලා තියෙන්නේ. අපි දකින කාරණයක් තමයි, කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් මේ දත්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පිහිටුවා තියෙන ජාතික ක්‍රියාන්විතය එම දත්ත නිවැරදිව සැපයිමක් වෙන්නේ නෑ. අපි දකිනවා තාමත් ප්‍රමාදයක් කොළඹ දිස්ත්‍රික්කයේ දත්ත එක්රැස්වීමේ ක්‍රියාවලිය තුළ. එය සිදුකිරීමේ විශාල වගකීමක් තියෙන කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමන් ඒ දත්ත එවන මන්දගාමීත්වයක් අපිට දකින්න ලැබෙනවා. අඩුම තරමින් දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමියට හෝ මෙම දත්ත නිවැරදිව ලබා දෙන්නේ නෑ. ආර්ථික වශයෙන් අපගේ තියෙන ඉතාමත් වැදගත් ප්‍රදේශයක් තමයි මේ කොළඹ හා කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ. එතකොට ඒ කොළඹ දිස්ත්‍රික්කය භාරව ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මේ ක්‍රියාකලාපය ඉදිරියේ දී මුළු රටටම බලපාන්න පුළුවන්.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More