එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේදී එහි නායකත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දිගටම තබා ගැනිමට තීරණයවී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලන් වාර්තා වේ.
මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගේම සහය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා සමත්ව ඇති බවද වාර්තා වේ. රනිල් වික්‍රමිසංහ මහතා දිගටම නායකත්වයේ තබාගැනීම සදහා තලතා අතුකෝරාල අමාත්‍යවරියට එම පක්ෂයේ සභාපති ධුරය ලබාදීමේ සුදානමක් පවතී.
පක්ෂයේ මහලේකම්ධුරය ඉමිතියාස් බාකිර් මාකර් මහතාට හෝ නවීන් දිසානායක මහතාට ලබාදීමේ සුදානමක්ද පවතින බව වාර්තා වේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් ප්‍රකාශ කරන්නේ මෙවැනි වෙනසකට ඔවුන් අකමැති බවයි.
පක්ෂ නායකත්වය අනිවාරයෙන්ම වෙනස් විය යුතු බව ඔවුන්ගේ මතයයි. මෙ අතර හිටපු මහලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක මහතාටද පක්ෂයේ ක්‍රියාකාරි තනතුරක් ලබාදීමටද යෝජනාවක් ඉදිරිපත්වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...