විදේශ පුවත්

මුස්ලිම් කාන්තාවන් රැකියාවට බැඳීම දිරිමත් කිරීම සඳහා නවසීලන්ත පොලිසිය ඔවුන්ගේ නිල ඇඳුමට හිජාබය හඳුන්වා දී තිබේ.

ඒ අනුව මෑතකදී පොලිසියට බැඳුනු කොස්තාපල් සීනා අලි (Zeena Ali) නිල හිජාබය පැළඳ සිටින පළමු නිලධාරියා බවට පත්වනු ඇත.

සිය රටේ “විවිධත්වයෙන් යුතු ප්‍රජාව” පිළිබිඹු කරමින් “සියල්ල ඇතුළත්” සේවාවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ බව ප්‍රකාශකයෙක් පැවසීය.

ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය සහ ස්කොට්ලන්තයේ පොලිසිය වැනි බලකායන් මේ වන විටද සිය නිල ඇඳුමට අවශ්‍ය නම් හිජාබය එක් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය 2006 දීත්, ස්කොට්ලන්ත පොලිසිය 2016 දීත් සිය නිල ඇඳුමට හිජාබය එක් කරගැනීම අනුමත කළේය. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා පොලිසියේ මහා සුක්කාර් (Maha Sukkar) නම් නිලධාරිනිය 2004 දී හිජාබය පැළඳ රාජකාරියේ නිරත විය.

නවසීලන්ත පොලිසිය පැවසුවේ පාසල්වල රාජකාරියට ගිය පොලිස් කාර්ය මණ්ඩලයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් හිජාබ් නිල ඇඳුම සකස් කිරීමේ කටයුතු 2018 අග භාගයේදී ආරම්භ කළ බවය.

කොස්තාපල් සීනා අලි සිය නිල ඇඳුමේ කොටසක් ලෙස හිජාබය ඉල්ලා සිටි පළමුවැන්නා වන අතර, මේ වන විට සූදානම් වෙමින් පවතින ක්‍රියාවලියේ කොටසක් ලෙස ඇයට එය පැළඳීමට හැකි වනු ඇත.

ෆීජිහි උපත ලබා කුඩා කාලයේ නවසීලන්තයට සංක්‍රමණය වූ කොස්තාපල් අලි නවසීලන්ත හෙරල්ඩ් පුවත්පතට පවසා ඇත්තේ ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පොලිසියට බැඳීමට තීරණය කළ බවය.

“තවත් මුස්ලිම් කාන්තාවන් පොලිසියට බැඳී මිනිසුන්ට සහයෝගය දැක්වීමට අවශ්‍ය බව මට වැටහුණා,” ඇය පැවසීය.

“නවසීලන්ත පොලිස් හිජාබය මගේ නිල ඇඳුමේ කොටසක් ලෙස පිටතට ගොස් පෙන්වීමට හැකිවීම සතුටක්” යනුවෙන් පවසන ඇය, “මම හිතන්නේ එය දැකීමෙන් වැඩි මුස්ලිම් කාන්තාවන් පිරිසක් පොලිසියට එක්වීමට කැමති වෙයි,” ලෙස වැඩිදුරටත් කියා සිටියාය.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:
https://www.bbc.com/sinhala/world-55005464



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More