විදේශ පුවත්

කොවිඩ් 19ට එරෙහිව සටන් කිරී‍මේදී හා ලෝක ආර්ථිකයට නව පණක් ලබා දීමේදී චීනයේ විසඳුම් ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කළ හැකි බව චීන ජනාධිපති ෂි ජිං පිං පවසයි. චීන ජනාධිපතිවරයා මේ බව පෙන්වාදී ඇත්තේ 12වැනි BRICS සමුළුව වීඩියෝ තාක්ෂණයෙන් අමතමිනි. (BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් එකතුවකි.)

ලෝක සාමය, ස්ථාවරත්වය හා බහුපාර්ශ්විකත්වය ඔසොවා තැබීම, කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී සහයෝගිතාවයෙන් හා සාමුහිකත්වයෙන් යුතුව ක්‍රියා කිරීම, ලෝක ආර්ථිකය යථාතත්ත්වයට පත් කරමින් එහි වර්ධනයක් අත් කර ගැනීමේදී විවෘතභාවය නවෝත්පාදන පිළිගැනීම, ජනතාවගේ ජීවන තත්ත්වයට ප්‍රමුඛත්වයක් දෙමින් ගෝලීය වශයෙන් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම, සංවර්ධනයේදී කාබන් අඩු මෙන්ම හරිතවත් බව එහි මිනිසා සහ සොබාදහම අතර එකමුතු සහජීවනයක් පවත්වා ගැනීම යන කාරණා ගැනද මෙහිදී චීන ජනාධිපතිවරයා අවධානයට යොමු කළේය.

මෙවර සමුළුව සංවිධානය කළේ රුසියාවය. ඒ වෙනුවෙන් ජනාධිපති පුටින්ට ස්තුති වන්ත වන බවද ජනාධිපති ෂී ජිං පිං පැවසීය. BRICS රටවල නායකයන් වන රුසියානු ජනාධිපති පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රම්පොසා සහ බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝද මෙම සමුළුව ඇමතීය.

සියවසකින් මෙපිට දරුණු ගෝලීය වසංගතයක් හමුවේ මින් පෙර සිදු නොවූ වෙනස්කම්ද සිදුව තිබියදී මෙම හමුව පැවැත්වෙන්නේ තීරණාත්මක​ මොහොතක බවද පෙන්වා දුන් ජනාධිපති ෂී, මෙහිදී කොවිඩ් 19ට එරෙහිව තම රටවල සාමුහික ප්‍රතිචාරය ගැන හා BRICS අනාගතය පිළිබඳ කෙටුම්පත සාකච්ඡා කළ යුතු යැයිද පැවසීය.

‘ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍ය පද්ධතිය පරීක්ෂාවට ලක්වෙමින් ඇත. ගත වූ සියවස කාලය තුළ වඩාත් දරුණුම වසංගතයට මානව සමාජය මුහුණ දී සිටි. අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන සැලකිය යුතු ලෙස හැකිලී තිබේ. පුද්ගල මෙන්ම භාණ්ඩවල ගලා යාමටද බාධා එල්ල වී ඇත. අවිනිශ්චිතතාවක් හා අස්ථාවරත්වයක් මතු වී තිබේ. ​ලෝක ආර්ථිකය, 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු දරුණුම පසු බැස්ම පෙන්නුම් කර ඇත. මෙවැනි පසුබිමක ලෝකය සෑම දෙනකුටම යහපත් තැනක් කිරීමට නම්, අප අපගේ කොටස ඉටු කළ යුතු යැයි’ද ඔහු පෙන්වා දී තිබිණි.

ඒ සඳහා පළමුව කළ යුත්තේ, බහුපාර්ශ්විකත්වය, ස්වයං ආරක්ෂාව සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. බහුපාර්ශ්විකත්වය, සමානාත්මතාව සහ යුක්තියට යුද්ධය දුරින් තැබිය හැකි බව ඉතිහාසය අපට උගන්වා තිබේ. එමෙන්ම ඒකපාර්ශ්විකත්වය හා බල දේශපාලනය ගැටුම් වැඩි කිරීමට හේතුවේ. ඒකපාර්ශ්විකත්වය හා අයුතු ලෙස බලපෑම මෙන්ම අන්තර්ජාතික සංවිධාන හා සම්මුතිවලින් ඉවත්වීමද, නීතිරීති අවඥාවට ලක් කිරීමද ජනතා අභිලාෂයන්ට පටහැනි වන්නාක් මෙන්ම සියලු ජාතීන්ගේ ගරුත්වය හා නීත්‍යානුකූල අයිතීන් පාගා දමන බවද ජනාධිපති ෂී ජිං පිං මෙහිදී පෙන්වා දුන්නේය. වඩාත් වැදගත් වන්නේ ජන ජීවිත හා සෞඛ්‍ය ප්‍රමුඛත්ව මෙහිලා සැලකීම ජනතාවගේ ආරක්ෂාව රැකවරණය හා සුබසාධනය වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීම සහ සියලු සම්පත් ඒකරාශී කිරීම බවද ඔහු අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More