GOSSIP

සිරස ටීවී හා එම්ටීවී නාලිකා ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කර චන්දන සුරියබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර මහරාජා සමූහ ව්‍යාපාරයේ ‘ස්ටේන් ස්ටුඩියෝ’ වෙත අනුයුක්ත කර ඇත.

රූපවාහිනී නාලිකාවන්හි නව නාලිකා ප‍්‍රධානී හා පූර්ණ මාධ්‍ය ජාලයේම ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ සුසාර දිනාල් මහතාය.

ඉන්දියානුවකු නොවන්නෙකු එම තනතුරට පත් වූ මුල්ම අවස්ථාවද මෙයයි.

චන්දන සුරියබණ්ඩාර මහතා නාලිකා ප‍්‍රධානී වන්නට පළමු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටි සිරස නාලිකාව විශාල ආදායමක්ද උපයමින් සිටි අතර සුරිය බණ්ඩාර මහතාගේ පාලන කාලය තුල ශ්‍රේණිගත කිරීම්වල පහලටම වැටී ආදායම්ද විශාල ලෙස අඩු වී තිබූ බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි කියයි.

සුරියබණ්ඩාර මහතා සමග රාජකාරි කල නොහැකි වීම නිසා කලකිරීමෙන් නාලිකාවේ සිටි දක්ෂ මාධ්‍ය වේදීන් රැසක් එම කාලයේදී ආයතය හැර ගොස් තිබේ. කිංස්ලි රත්නායක, තනුජා ජයවර්ධන, නාරද බක්මීවැව, සම්පත් ශ්‍රී ජයසිංහ, සමීර ද සිල්වා ඇතුළු පිරිස ඉන් සමහරකි.

සුසාර දිනාල් මහතා මාද්‍ය විෂය සම්බන්ධයෙන් දක්‍ෂයෙකු ලෙස සැලකෙන අතර සිරස නාලිකාව ඔහු යටතේ ඉදිරියට යනු ඇති බව ආයතනයේ සෙසු නිලධාරී පිරිසේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More