දේශීය පුවත්

රටේ වසංගත තත්වයක් පවතිද්දී රජය ෆේල් වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. රජය‍ ෆේල් වනවා දැකීමට තමන් අකමැති බවත්, ඒ නිසා මෙම වසංගත තත්වයෙන් ගොඩ ඒම සඳහා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් ඇය පෙන්වා දෙනවා.

රජයට පමණක් සියලු වගකීම් ලබා දී රජය විවේචනය කිරීම සුදුසු නොවන බව පෙන්වා දෙන පුරපතිනිය වැඩිදුරටත් පවසන්නේ එක් එක් දේශපාලන අරමුණු පසකෙ තබා සියලු දෙනා රජය සහයෝගය ලබාදිය යුතු බවයි.

කොරෝනා දෙවැනි රැල්ල තුළ මේ දක්වා කොළඹ නාගරික සීමාවෙන් ආසාදිතයන් 4836 ක් වාර්තා වී ඇති අතර නගර සභා සීමාවෙන් 70% ක් පමණ හුදෙකලා කර ඇති බවද රෝසි සේනානායක මහත්මිය පවසනවා. කොළඹ නාගරික සීමාවෙන් වාර්තා වන මරණ ප්‍රමාණය 28 කි. දෙවැනි රැල්ල තුළ සිදු වූ මරණ ප්‍රමාණයෙන් අති බහුතරයක්ම වාර්තා වන්නේ කොළඹ නාගරික සීමාවෙනි.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල මෙන්ම හුදෙකලා කර නොමැති ප්‍රදේශවලද ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවත්, වගකීම රජයට ලබාදීමෙන් පමණක් මෙම වසංගතයෙන් ගැලවිය නොහැකි බවත් පුරපතිනිය පවසනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More