දේශීය පුවත්

පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ්ගේ විවාහයේ සාක්‍ෂිකරුවකු ලෙස හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා අත්සන් කර ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (19 දා) අනාවරණය විය.

ඊයේ (19 දා) දිනයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා ස්කයිබ් තාක්‍ෂණය ඔස්සේ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ සිට ලබාදුන් සාක්‍ෂිය මගින් මේ බව අනාවරණය විය.

පසුගිය 18 වැනිදා දිනයේදී බදුර්දීන් මන්තී‍්‍රවරයා පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කර ඇති බැවින් ඊයේ (19 දා) දිනයේදී කොමිසම හමුවට නොකැඳවූ බැවින් ‘ස්කයිබ් තාක්‍ෂණය’ ඔස්සේ පෙරවරු 11.00 ට පමණ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සාක්‍ෂි විමසීම ආරම්භ කරන ලදී.

එම අවස්ථාවේදී බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනුවෙන් පෙනී සිටින රුෂ්ඩි හබීබ් නීතිඥවරයා කොමිසමෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාට දමිළ භාෂාවෙන් පිළිතුරු ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

එම අවස්ථාවේදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප‍්‍රකාශ කර සිටියේ බදුර්දීන් මන්තී‍්‍රවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවේදී තමන්ට සිංහල භාෂාවෙන් සාක්‍ෂි ලබාදිය හැකි බවත් සිංහල භාෂාව තේරුම් ගත හැකි බවත් ප‍්‍රකාශ කර ඇති බැවින් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සිංහල භාෂාවෙන් සාක්‍ෂි ලබාදී ඇති බැවින් මෙම අවස්ථාවේදීත් සිංහල භාෂාවෙන් සාක්‍ෂි ලබාදිය යුතු බවය.

අවශ්‍ය නම් පමණක් දමිළ සහ ඉංගී‍්‍රසි යොදා ගත හැකි බවත් සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති කොමිසමේ තෝල්කවරයා විසින් සාක්‍ෂි ලබාදීමට පෙර අදාළ දිවුරුම් ලබාදෙන ලෙස රිෂාඞ් මන්තී‍්‍රවරයාගෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා දමිළ බසින් දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ දමිළ බස තමාගේ මව් භාෂාව වන නිසා භාෂාවක් ලෙස දමිළ බස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති නිසා භාෂාව තමාගේ ප‍්‍රධාන ගැටලූව වන නිසාත් තමන්ට සාක්‍ෂි ලබාදීම සඳහා භාෂා පරිවර්තකයකු ලබාදෙන ලෙසය.

එම ඉල්ලීම අනුව බදුර්දීන් මන්තී‍්‍රවරයාගේ සාක්‍ෂි විමසීම පස්වරු 1.30 දක්වා කල් තබන ලදී.

කොමිසමේ භාෂා පරිවර්තකයාට උණ රෝගය වැළඳී ඇති බැවින් කොමිසමට නොපැමිණ ඇති බැවින් පාර්ලිමේන්තුවේ සේවය කරන භාෂා පරිවර්තකයකු කැඳවා රිෂාඞ් මන්තී‍්‍රවරයාගෙන් දමිළ බසින් සාක්‍ෂි විමසීම ආරම්භ කරන ලදී.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-

ඔබ නායකත්වය දරන අඛිල ඉලංගෙයි මහජන කොංග‍්‍රසයේ අලව්ඞීන් නම් අයකු තනතුරක් දරනවාද?

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා-

ඔව්. ඔහු පක්‍ෂයේ භාණ්ඩාගාරිකව සිට ඉන්පසුව උප භාණ්ඩාගාරිකව සිට ඉවත් වූවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ-

අලව්ඞීන්ගේ දියණිය කවුරුන් සමගද විවාහ වී සිටියේ.

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා-

මම මාධ්‍ය හරහා දැනගත්තා ඇයගේ සැමියා බෝම්බ පුපුරවපු ස්වයං ඝාතකයකු වූ ඉන්ෂාෆ් අහම්ඞ් කියලා. ඔවුන්ගේ විවාහයට මමත් සහභාගි වූවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ-

ඔබ ඒ දෙදෙනාගේ විවාහයේ සාක්‍ෂිකරුවකු ලෙස අත්සන් කළාද?

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා-

අලව්ඞීන්ගේ ඉල්ලීම මත මම අත්සන් කරන්න ඇති. මට හරියට මතක නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More