දේශීය පුවත්

බොරු දත්ත විජ්ජා පෙන්වමින් ව්‍යාජ ආර්ථික වර්ධනයක් මවා පා රට අගාධයට රැුගෙන යෑමට ආණ්ඩුව මෙවර අයවැය තුළින් කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (18 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2020 රටේ ආර්ථික වර්ධන වේගය ඝෘණ අගයක් ගනු ඇති බවට මහ බැංකුව (-1.7), ලෝක බැංකුව (-6.7), ආසියානු සංවර්ධන බැංකුව (-5) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (-4.7) පුරෝකථනය කර තිබියදී ඒ සියල්ල බොරු කරමින් මුදල් අමාත්‍යාංශයට අනුව ශී‍්‍ර ලංකාවේ නාමික ආර්ථික වර්ධන වේගය +6.7 ක් වී ඇති බව ද මන්තී‍්‍රවරයා කීවේය. මේ ආර්ථික වර්ධන වේගය පුදුම සහ අතිවිශිෂ්ට බවත් මෙවැනි දත්ත විජ්ජාවන්ට එකඟ නොවුණු මහා භාණ්ඩාගාරයේ නිලධාරියකු එම තනතුරෙන් ඉවත් කිරීමට පවා ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මන්තී‍්‍රවරයා පැවසීය.

ශී‍්‍ර ලංකාවේ විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 6.6 ක් බවත් ණය බර වැඩි වී රට අගාධයට වැටී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ද දොර වැසී අසරණ වූ රටක් බවට ශී‍්‍ර ලංකාව පත් වී ඇති බවත් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ද තවත් රාජපක්ෂ කෙනකු බව මෙම අයවැයෙන් ඔප්පු වන බවත් රට ඉදිරියට ගෙන යෑමට නිසි වැඩපිළිවෙළක් මේ අයවැයේ කොතැනකවත් නැති බවත් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය. 2021 අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් දැක්වීය.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:
https://divaina.com/daily/index.php/puwath-2/50594-2020-11-17-13-39-48



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More