දේශීය පුවත්

මෙම මස ගත වූ මුල් දින 17ක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙම රෝගීන්ගෙන් බහුතරය වන 74 ක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වන අතර තවත් රෝගීන් 54 ක් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මෙතෙක් මෙරට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මෙම මාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 17 දෙනකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම වසර තුළ මෙතෙක් දිවයිනෙන් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 29,133 ක් වන අතර ඉන් බහුතරය වන රෝගීන් 4119 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි.

ඉදිරි කාලයේ මෙරට වැසි සමය ඇරඹීමත් සමගම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් පැවතීම නිසා ඩෙංගු මදුරුවන් බෝ නොවන අයුරින් තම අවට පරිසරය ශුද්ධ පවිත‍්‍රව තබා ගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇත්තේ එළඹෙන ශීත සෘතුව හා වැසි සමය හේතුවෙන් ඩෙංගු හා ඉන්ෆ්ලූවන්සා උණ රෝග වැඩි වශයෙන් පැතිරීමෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් හා එම රෝගීන් වෙන් කර හඳුනාගැනීමේ දුෂ්කරතා මතු විය හැකි බවයි. මේ නිසා උණ රෝග පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලූ රටවලින් ඉල්ලීම් කර තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:
https://divaina.com/daily/index.php/hot-news-2019/50571-2020-11-17-13-39-52



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More