දේශීය පුවත්

ලංකාවේ කොවිඩ්-19 ආසාදනයේ දෙවැනි රැල්ල සම්බන්ධ ආන්දෝලනාත්මක “බ්‍රැන්ඩික්ස් පොකුර” සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වහාම වාර්තාවක් සපයන ලෙස නීතිපතිවරයා පොලිසියට දැනුම් දී ඇත.

නීතිපතිවරයා විසින් නොවැම්බර් 13 වන දින මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටි වාර්තාව මේ වනතෙක් නීතිපති දෙපාර්තාමන්තුවට ලැබී නොමැත. මේ පසුබිම තුළ අදාළ විමර්ශන සම්බන්ධ වාර්තාව වහාම ලැබීමට සලස්වන ලෙස නීතිපතිවරයා විසින් කොරෝනා වැළැක්වීමේ කටයුතු භාර වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.

කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා කළ විමසීමකදී වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙකී විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ විමර්ශන සිදුවන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළද ඒ සම්බන්ධ කිසිදු ප්‍රගතියක් නැති බවට චෝදනා නැගී ඇත. සෞඛ්‍ය පිළිබඳව ජාතික මට්ටමේ ආපදාවක් මතුව ඇති මේ අවස්ථාවේ එකී ආපදාවේ ප්‍රධාන වගකිව යුත්තන් සම්බන්ධ කරුණු අනාවරණය කර ගන්නට නම් බ්‍රැන්ඩික්ස් කම්හලේ රෝගය ව්‍යාප්ත වීමේ තොරතුරු වහා අනාවරණය කළ යුතු බවට විවිධ අංශ විසින් බලකර සිටී.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:

බ්‍රැන්ඩ්ක්ස් කම්හලේ කොරෝනා ව්‍යාප්තිය ගැන විමර්ශනයට මොකද වුණේ? – නීතිපති වාර්තාවක් ඉල්ලයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More