දේශීය පුවත්

චීන සමූහාන්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං (Qi Zhenhong) මහතා අද දින සිය අක්ත පත්‍ර භාර දෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යය අංශය නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනය පහතින්..

ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong)අද (19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

අනතුරුව චීන තානාපතිවරයා සමග කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන සතුට පළ කළේය.

“විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුනේ මේ ව්‍යාපෘති ඵලදායක නොවන බව. සත්‍යය එය නොවේ. චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභතාවක් සහිතයි. මගේ අපේක්ෂාව ධූර කාලය අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙළා ගැනීම” ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපතිතුමා කීය. “අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නව චීන තානාපතිවරයාට පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං මහතා ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළේය.

ජනාධිපති ෂි ජින් පිං මැතිතුමාගේ සුභාශිංසන රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව කීය. “ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කළේය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හූ වේයි (Hu Wei) සහ දේශපාලන අංශයේ ප්‍රධානී ලුඕ චොං (Luo Chong) යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More