දේශීය පුවත්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අවධාරණය කරන්නේ මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඒ අනුව ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණව සිදුකරන හුණු ගල් කැඩීම වහා නැවැත්වීමට පියවර ගත යුතු බවට ඔහු බලධාරීන් වෙත අවධාරණය කරයි.

වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉදිකර ඇති ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ 75% ක පමණ ඇත්තේ හුණුගල් පාෂාණ බවත් කාලයත් සමඟ මෙම හුණුගල් තට්ටුව දිරාපත්ව කුහර ඇතිවන බවත් මතුපිට පීඩනය සමග ඒවා වෙන් වීමකට ලක්වන බවත් ආතතිය හේතුවෙන් මේවා කඩා වැටීමෙන් කම්පන තත්ත්වයන් ඇති වන බවත් ඔහු පෙන්වා දෙයි.
මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු නොනවත්වා සිදු කළහොත් ඉදිරි කාලයේ දී වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල තව තවත් භූ කම්පන ඇති විය හැකි යයිද මහාචාර්යවරයා පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More