දේශීය පුවත්

පසුගිය දිනවල සීනි සඳහා ගොන් බදු සහනයක් ලබා දුන් බවට ආණ්ඩුවට එරෙහිව උපහාසාත්මක චෝදනා එල්ලනවන අවස්ථාවක එම ගොන් වැඩේ සමඟ සිදුකළ වෙනත් ගොන් වැඩක් නිවැරදි කිරීමට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආනයනික සැමන් සඳහා ලබා දී තිබූ ඊනියා බදු සහනය අහෝසිකොට සැමන් කි.ග්‍රෑම් 1 කට රු. 100 ක් වන ලෙස විශේෂ පාරිභෝගික බද්දක් පනවා ඇත.

ඒ මඟින් මිල වැඩි නොවන බවද තහවුරු වී ඇත. ඊට හේතුව බදු සහන ලබා දුන් විට මිල අඩු නොවීමය. කෝවිඩ් වසංගත තත්වය තුළ රටේ කෘතිම මාළු අතිරික්තයක් ඇතිවන අවස්ථාවක දේශීය ටින් මාළු කර්මාන්තය දිරි ගන්වා මාළු මිල ස්ථාවර කිරීම වෙනුවට ආනයනික සැමන් වලට බදු සහන ලබා දුන්නේ තමා සියල්ල දත් දැයි සිතන බලවත් රාජ්‍ය නිලධාරියෙකගේ මැදිහත් වීමෙන් බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු පවසති.

මේ ආකාරයට වරින් වර බදු පැනවීම සහ නැවත ගැසීසම මඟින් පෙන්වන්නේ රජයට කිසිඳු උපායමාර්ගික සැලසුමක් නොමැති බව යැයි නිලධාරීහු චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More