දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ රහසිගත විමර්ශනවල තොරතුරු පිටතට දුන් එහි අභ්‍යන්තර ජාලයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ.

මේ අනුව මෙම ජාලයට සම්බන්ධව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක ස්ථානාධිපතිවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

චෝදනාවට අදාළ නිලධාරිනියන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ්‍ නිලධාරියකුගෙන් කළ විමසුමකදී අනාවරණය කළේය.

දුරකථන ජාල පරීක්ෂාවකින්ද මෙම සංවිධානාත්මක කණ්ඩායම ගැන ​තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරිනිය මීට පෙර බදියුදීන් යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කර ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණි අයෙකු බව අනාවරණය වී ඇත. එම නිලධාරිනිය සී.අයි.ඩී.යේ. විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරිවරයකුටද විමර්ශන නිලධාරිනියකටද කතා කර හිටපු ඇමැති බදියුදීන් සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා බලා ඇතැයිද හෙළි වී ඇත.

විශ්‍රාමික පොලිස් නිලධාරියා හිටපු ඇමැති බදියුදීන්ගේ ආරක්ෂක කටයුතු භාරවද කටයුතු කර ඇති අයෙකි. කොල්ලුපිටියේ නැව් ඒජන්තයකු මාර්ගයෙන් හිටපු ඇමැතිවරයා මෙම නිලධාරියා යොදවාගෙන අභ්‍යන්තර විමර්ශන ගැන තොරතුරු ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ. මෙම නිලධාරියාට සම්බන්ධ වූ සෙසු නිලධාරින් සොයා පුළුල් විමර්ශනයක් ඇරඹී ඇත.

මේ අනුව බදියුදීන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දූෂණ, වංචා චෝදනා රැසක් යටතේ විමර්ශන සිදුකරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More