දේශීය පුවත්

WikiLeaks වෙබ් අඩවියේ නිර්මාතෲ Juliana Assange, ඉක්වදෝර තානාපති කාර්යයාලයේ සිට 2019 අප්‍රේල් මාසයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබා තැබුනේ ඊසානදිග ලන්ඩනයේ Belmarsh සිර කඳවුරේ අංක එක වාට්ටුවේය. එම වාට්ටුවේ තිදෙනෙකුට Covid 19 ආසාදනය වීමෙන් අනතුරුව එය මේ වනවිට සීල් කර ඇති අතර ව්යායාම ගැනීම, ස්නානය තහනම් කර ඇත. රැඳවියන්ගේ ආහාර කෙලින්ම කුටියටම ලබා දේ.

ඇයගේ සහකාරිය වන ස්ටෙලා මොරිස් (Stella Morris) පවසන ආකාරයට එය දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා තබනා සිරකුටියක් වන අතර සිරකරුවන් නිතර සියදිවි හානි කරගන්නා බව ද ඇය පවසයි. එමෙන්ම “අසාන්ග්” ගේ මිතුරෙකු ඔහු ඇමරිකාවට උදර්පනය කරාවියැයි බියෙන් සිය දිවිහානි කරගත් බව ද ඇය පවසා ඇත. “අසාන්ග්” 2012 ඉක්වදෝර තානාපති කාර්යයාලයේ රඳවා තබාගැනීමේ සිට මේ දක්වා අවුරුදු 08ක “සිර ජීවිතයක්” ගෙවා ඇති අතර ඔහුගේ සෞඛ්ය තත්වය මේ වනවිට පහල වැටී ඇත. ඇයට ජුලියන්ට දාව දරුවන් දෙදෙනෙකු සිටී.

මෙම Covi 19 වසංගත-අවදානම් අවස්තාවේ පවා ඔහුව නිදහස් කිරීම බ්‍රිතාන්ය පාළනය ප්‍රතික්ශේප කර සිටින අතර ඔහුව ඇමරිකාවට උදර්පනය කරගැනීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටී.

ඔහුට විරුද්ධව “ලිංගික හිරිහැර” කිරීමේ චෝදනාවක් ද ඇමරිකාව පටලවා ඇති අතර ඔහු ඇමරිකාවට පිටුවහල් කළහොත් 2010 දී WikiLeaks වෙබ් අඩවිය විසින් ඇමරිකානු රහස්ය වාර්තා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වසර 145ක සිර දඬුවමක් පැනවිය හැකිය.

එක්සත් රාජධානියේ අධිකරණ අමාත්යාංශය පවසන ආකාරයට තම රටේ බන්ධනාගාර තුල මේ වනවිට Covid 19 ආසාදනය වීමෙන් සිරකරුවන් 32 දෙදෙනෙකු මරණයට පත් වී ඇති අතර 1529 දෙනෙකුට Covid 19 ආසාදනය වී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න.
https://www.rt.com/uk/507139-assange-belmarsh-covid-lockdown/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More