අද (18) දිනයේදී කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වී ඇති බවත්, ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 69ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
1. කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා 70 හැවිරිදිය. නිවසේදී ම මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතා වේ.
2. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇත. අධික රුධිර පීඩනය,දියවැඩියාව සමග කොවිඩ් -19 ආසාදනය නිසා සිදුවූ පෙනහළු දුර්වලවීම මරණයට හේතුව ලෙස දක්වා ඇත.
3. අද වාර්තා වූ තෙවැනි මරණය කොළඹ 12 පදිංචි ව සිටි 48 හැවිරිදි කෙනෙකි. නිවසේදී මියගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා කොවිඩ් -19 ආසාදනය වීම නිසා උත්සන්න වීම මරණයට හේතුව ලෙස දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...