දේශීය පුවත්

මීට සුුළු වේලාවකට පෙර වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා සහ එම අමාත්‍යාංශයේ තවත් නිළධාර්යෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවී සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව මෙහෙයවූයේ වියත්මග වෙනුවෙන් පෙනී සිටි නිවේදිකාවකි. එය සජීවීව විකාශය කරන ලද්දේ ද වියත්මග විසිනි.

අදාල සාකච්ඡාව ආරම්භ කරමින් අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර “අවශේෂ කැලෑ” යන්න නිර්වචනය කරයි. ඔහුට අනුව “අවශේෂ කැලෑ යනු කැලෑ නොවන වෙනත් ඉඩම්” ය. ඒ සිංහල ශබ්දකෝෂය ද පෙරළා තමන් විසින් අවබෝධ කරගත් නිර්වචනය බව ඔහු කියයි. ඉන්පසු පැයකුත් තත්පර 19ක් පුරා දිවෙන වැඩසටහන පුරා ඔහු කරුණු දක්වන්නේ ඒ ඔහු විසින් ඔහු වෙනුවෙන්ම සකස් කර ගන්නා ලද නිර්වචනය මත පිහිටමිනි. එනම් අදාල සම්පූර්ණ වැඩසටහනම වෙනත් සහ තවත් අසත්‍යය කරුණු සමගද මුසු කරමින් ඔහු ඉදිරිපත් කරනුයේ පෙරකී “අවශේෂ කැලෑ යනු කැලෑ නොවන වෙනත් ඉඩම්” ය යන අහස පොළොව නූහුලන අර්ථකථනය උපුටා දක්වමිනි. එනම් බන්දුල හරිශ්චන්ද්‍ර ප්‍රකාශකොට වදාරා ඇත්තේ “පැයක ශුද්ධ බොරුවකි”.

ඒ අර්ථයට අනුව චීන මිනිසුන්, ඇමරිකානු මිනිසුන්, ජපන් මිනිසුන් සහ අවශේෂ මිනිසුන් ලෙස යමෙකු යම් අදහසක් පළ කළහොත් ඒ “අවශේෂ මිනිසුන් යනු මිනිසුන් නොවන වෙනත් සතුන්” ය.

අංගුලිමාල නාටකයේ ඇදුම් ආයිත්තම් හැද පැළද වෙස්සන්තර නාටකය රග දැක්විය නොහැකි බව කීවේ මහාචාර්ය ගාමිණී හත්තොට්ටුවේගම වියතාණන් ය. (වාසනාවට ඔහු වියත්මග සාමාජිකයෙකු නොවීය.) අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවෙන් දෙන පණිවුඩය පවා නොතකමින් නිදහස් අධ්‍යාපන වරප්‍රසාද හරහා තමන් ලද තනතුරු උපයෝගී කරනේ මේ ආකාරයෙන් නම් රගදැක්වෙනු ඇත්තේ කවර නාටකයදැයි වටහා ගැනීමේ වගකීම ප්‍රේක්ෂකාගාරයේ සිටින සියළු මහජනතාවට භාරය.

(අදාල සබැදිය පහතින්)

https://www.facebook.com/watch/live/?v=397599848035747&ref=watch_permalink



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More