දේශීය පුවත්

වර්ෂ 1945 නොවැම්බර් මස 18 වැනිදා හිටපු නියොජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ මහත්මියට දාව සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලද පර්සි මහින්ද රාජපක්ෂ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්දා,තර්ස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් යන විදුහල්වලින්ය.

සිය පියාගේ අභාවයෙන් පසුව ‍හම්බන්තොට, බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වූ රාජපක්ෂ මහතා 1970 වසරේදී මහ මැතිවරණය ජය ගෙන පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසුණේය. ඒ, එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි.

1994 වසරේ පිහිටවූ පොදු ජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 1997 වසරේදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරය හොබවනු ලැබුවේය.

කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ කම්කරු ප්‍රඥප්තියක් මෙරටට හඳුන්වා දීමට මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර සුවිශේෂීය.

2004 වසරේ විපක්ෂ නායක ධුරයට පත් ඔහු 2005 වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබමින් මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කරමින් මෙරටට සාමය හා නිදහස උදා කරලීමට ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වය අනභිභවනීයයි.

යළිත් වරක් 2010 වසරේදිත් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා තොරා පත් කරලීමට මෙරට ජනතාව තීරණය කළේය.

පසුව 2019 වසරේදි පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණි.

පසුගිය අගොස්තු 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්ෂ මහතා යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ සිව්වන වරටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More