දේශීය පුවත්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දක්වන සංඛ්‍යාලේඛන වලට අනුව ඊයේ වන විට කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 66 දෙනෙකු මිය ගොස් තිබේ. ඊයේ දිනයේදි කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මරණ පහක් සිදුව තිබේ.

මිය ගිය අය කොළඹ 10, කිරුලපන, දෙමටගොඩ, කොළඹ 02 යන කොළඹ මහ නගර කලාපය තුළ පදිංචි පුද්ගලයන් වන අතර එක් පුද්ගලයෙකු රත්මලාන පදිංචිකරුවෙකු වේ. රත්මලාන, කිරුලපන සහ දෙමටගොඩ යන ප්‍රදේශ වලින් වාර්තාවූ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් වූ මරණ ඔවුන් පදිංචිව සිටි නිවෙස් වලම සිදුව ඇති අතර මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවා වැලිකන්ද රෝහලේදී කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් රුධිර පීඩනය ඉහළ යාමෙන් මරණය සිදුවූ නිදන්ගත රුධිර පීඩනයෙන් පෙළුනු 66වන වියේ පසුවූ පිරිමි රෝගියෙකි.

කොළඹ ජාතික රෝහලේදී මියගිය 81 හැවිරිදි කාන්තාව කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් හේතුවෙන් ඇතිවූ නියුමෝනියා තත්වය බලපා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මිය ගිය අයගෙන් තිදෙනෙකුම කාන්තාවන් වන අතර දෙදෙනෙකු පිරිමි අයවේ. මිය ගිය අය වයස් අනුව අවුරුදු 65 ,අවුරුදු69,අවුරුදු71,අවුරුදු 81,සහ අවුරුදු 82 යන වයස් වල පසු වූවන් බව පැවසේ.

මිය ගිය අය දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වලින් පීඩා විඳි අය බවද කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More