දේශීය පුවත්

අගෝස්තු 11 දින Sputnik V එන්නත ලියාපදිංචි කරමින් Covid 19 සඳහා එන්නතක් ලියාපදිංචි කළ පළමු රාජ්යය බවට රුසියාව පත්විය. එම එන්නත රුසියාවේ Russian Direct Investment Fund (RDIF) ආයතනයේ ආයෝජන දායකත්වයෙන් රුසියාවේ Gamaleya Research Institute ආයතනය විසින් සංවර්ධනය කොට නිපදවන ලද්දකි.

ඉන් අනතුරුව ඔක්තෝබර් මාසයේදී EpiVacCorona එන්නතද ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ වනවිට රුසියාව විසින් Covid 19 සඳහා එන්නත් 03ක් ලියාපදිංචි කර අවසන්ය.

මෙම සන්දර්භය තුළ Covid 19 සඳහා වන එන්නත් තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා එක්වන්නැයි බ්‍රසීලය, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලට පුටින් ආරාධනය කර සිටි.

එමෙන්ම දැනට වසර දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ යෝජනාවකට අනුව BRICS රටවල් එකඟ වූ එන්නත් සඳහා වන පර්යේෂණ සහ සංවර්ධනය කිරීමේ ආයතනය පිහිටුවීම ඉක්මන් කරන ලෙසට ද එම රටවලට ඔහු ආරාධනා කර සිටී.

12 වන BRICS සමුලුව අමතා, ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මේ වන විට එන්නත නිපදවා අනෙකුත් රටවලට ද බෙදාහැරීමට චීනය සහ ඉන්දියාව, රුසියාව සමග ගිවිසගෙන ඇති බවයි.

වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් බලන්න.
https://sputniknews.com/world/202011171081192436-putin-calls-for-joint-efforts-on-coronavirus-vaccine-development/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More