දේශීය පුවත්

කහවත්ත කෙටේතැන්න සදසිළුගම ප්‍රදේශයේ නෑදෑ නිවසකට පෑලියගොඩ සිට පැමිණි අයෙක් මිදුලේ වැටී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන යාමට කෙනෙක් නොමැති වීම නිසා පැය 8ක කාලයක් නිවස ඉදිරිපිටම තබා තිබුන බව වාර්තා වනවා.

මියගිය තැනැත්තා 66 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නිවස බෑවුම් සහිත ස්ථානයක පිහිටා තිබීම නිසා කිසිඳු වාහනයකට නිවාස වෙත ළඟාවීම අසීරු බවද පැවසෙනවා. එසේම සිරුර රැගෙන ඒමට නොහැකි වුයේ වහනයක් භාවිත කළ නොහැකි නිසා සහ ආරක්ෂිත ඇදුම් ඇති සෞඛ්‍ය සේවකයින් නොසිටි බව පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.

මියගිය පුද්ගලයා පැමිණ ඇත්තේ අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති පැලියගොඩ සිට ඔහුගේ සොහයුරියගේ කහවත්ත කෙටේතැන්න සදසිළුගම නිවෙසටයි. මොහු ඊයේ (16) දහවල් පැමිණ තිබෙන බව පැවසේ එසේම එදින පස්වරු 3.30ට පමණ මියගිය එම පුද්ගලයාගේ සිරුර නිවෙසින් රැගෙන යනවිට මැදියම් රාත්‍රී 12 .20 පමණ වූ බව පැවසේ.

කොවිඩ් අවධානම් කලාපයක සිට පැමිණී පුද්ගලයෙක් බැවින් සැක සහිතව මියගිය එම පුද්ගලයාගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණය සදහා අද අලුයම රත්නපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More