දේශීය පුවත්

සිංහරාජ වනාන්තරය තුන් ගුණයක් විශාල කිරීම සම්බන්ධව 2019 නොවැම්බර් 11 වන දින අත්සන් තැබූ ගැසට් ලේඛනය පෙරේදා දිනයේ නිකුත් වීමත් සමඟ එම ගැසට් නිවේදනය අත්සන් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
එම ෆේස්බුක් සටහන පහතින්,
පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය…..
මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.
අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන්ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකියි දවසකි.
මීට වසරකට ඉහත දි මා ජනාධිපති ධුරයෙන් නික්මයාමට දින කිහිපයකට ප්‍රථම මුළු මහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන්ගුණයකින් පුළුල් කොට අති විශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී.
හෙක්ටෙයාර් 11000 සීමාවී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36474.93 ක ප්‍රමාණයකට මා විසින් වැඩි කරන ලදී.මෙම තීරණය උතුම් මාතෘභූමියේ දිවි පැවැත්මටත් මුළු මහත් ලෝකයේ මානව,සත්ව සහ තුරු ලතා ස්වභාව ධර්මයේ පැවැත්ම උදෙසා මා එක සිතින් ගත් තීරණයකි.
මීට වසරකට ඉහතදී මා මෙම විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබුවත් එය මුද්‍රණය ප්‍රමාද වූ හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමට සහ පරිශීලනය කිරීමට නොහැකිවිය.
එම ප්‍රමාද වීම පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග මා දුරකථනයෙන් විමසු අතර හැකි ඉක්මනින් එය ඉටු කර දෙන බව මා වෙතට කාරුණිකව ප්‍රකාශ කරන ලදී.
වසරකට පසු එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි.
අදටත් ලෝව විශාලතම තෙත් සදාහරිත වැසි වනාන්තර 10ය තුළට ඇතුළත් සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කොට එහි ප්‍රමාණය වර්ධනය කිරීමට නිරන්තරයෙන් මා සමග අදහස් බෙදා ගත් සියලුම පරිසරවේදීන්ට සහ පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලුම මානව හිතවාදී මිනිසුන්ට මේ මොහොතේ මා ස්තුතිවන්ත වෙමි.
මීට අමතරව පරිසරය වෙනුවෙන් මා අත්සන් තැබූ (මුද්‍රණය කොට නොමැති) තවත් විශේෂ ගැසට් පත්‍ර 65 නුදුරේ දී ජනතාවට දැකබලාගැනීමට ප්‍රසිද්ධ කරනු ඇතැයි මා විශ්වාස කරමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More