වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්තේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු පෙරේදා (15දා) සවස් වන විට වාර්තා වී ඇත.
ඒ අනුව කොළොන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට සැරසෙද්දි ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට පහරදී තිබිණි.
ඊයේ (16 වැනිදා) උදේ වන විට ලැබී තිබූ පී.සී.ආර්. ප්‍රතිඵල අනුව තවත් ආසාදිතයන් 10 දෙනෙකු එම වත්තේම සිටින බවට තහවුරු වී ඇත. ඊයේ (16 වැනිදා) උදේ එම 18 දෙනා ඉවත් කරගැනීමට යාමේදීද පෙර ලෙසම ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් සෞඛ්‍ය අංශ නිලධාරීන්ට වත්තට ඇතුළු වීමට ඉඩ නොදුන්හ.
මේ අවස්ථාවේ කොළොන්නාව නගර සභාවේ සභාපති ගුත්තිල සිල්වා විසින් වහාම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමට පියවර ගත්තේය.
සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ආරක්ෂක අංශවලද සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරා ඊයේ සවස් වන විට ආසාදිතයන් 18 දෙනා ඉවත් කරගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...